බ්‍රාහ්මණ සංස්කෘතියේ තිබූ යාග ක්‍රම කිහිපයකි.එනම්
v සවස කරන යාගය - අග්නි භොතෘ යාගය
v මාසේ පොයදා පසලොස්වක පොයදා - දර්ශපුර්න මාස යාගය
v මාස 04 කට වරක් කරන යාගය - චතුර්මය යාගය
v දින කිහිපයක් එක දිගට කරන යාගය - සෝම යාගය
v බොහො කාලයක් හො පුරා අවුරුද්දක් එක දිගට කරන යාගය - අග්නිමය යාගය
මෙවැනි තවත් බොහො යාග ජනතාවට පැවරී තිබුණි.
එලෙසම රාජ වංශය සදහාද යාග ක්‍රම පැවරී තිබුණි.ඒවා නම්
Ø රාජ සුභ යාගය (රජවරු අභිෂශ්ක කිරිමේදී කරන යාගය)
Ø පුරුෂ වේද යාගය (කුල හීන පිරිමින් බිලි දීම)
Ø අශ්ව මේද යාගය (වටිනා අශ්වයන් බිලි දීම)
Ø සම්මා පාය යාගය (යාගස්ථම්භ රැගෙන සංසේවනි නදියේ ගිලේමින් යාග කිරීම)
Ø වාජ පේය යාගය (යාගස්ථම්භ ගව ලෙයින් පිදීම)
Ø සියග්ගල යාගය (සතුන් මරා ඒවා බමුනන්ට පිදිම)
Ø සර්ව මේද යාගය (සියලු දේ පුද දෙමින් කරන යාගය)
Ø සේ දුත්ත්‍රමනි යාගය (මත් ද්‍ව්‍ය පිලිගනවමින් කරන යාගය)
Ø චතුක්ක්‍ය යාගය (සතුන් එක් වර්ගයෙන් 500ක් මරා කරන යාගය)
යනු වෙනි.
බ්‍රාහ්මනයින් මෙම යාග කිරිමෙන් සක්ෂිකත්වය,දිර්ඝායුෂ ලැබෙන බව පැවසීය.මේ සදහා බෞද්ධ චින්තනයෙන් දානය හදුන්වා දී ඇත.
ආපද් ධර්ම පිළිබද බ්‍රාහ්මණ මතය
මෙය ආර්ය වංශිකයන්ට ලැබුනු සුවිශේෂි වරප්‍රසාදයකි.ආපද් ධර්මය යනු රටට විපත්ති දායක අවස්ථාවක දී මනු නීතියට පටහැනිව ටයුතු කිරිමේ හැකියාවයි.එහිදී තම කුලයට පහත් කුලයෙහි ස්වධර්මය අනුගමනය කල හැක.
එනම් බ්‍රාහ්මන පුජකයින්ගේ පව් සෝදා හැරිමේ ක්‍රමයයි.බමුනණ් දවසට දෙවරක් ඉතා අලුයමත් සවස් වූ පසුත් යන අවස්ථා දෙකෙහි පව් සෝදා හැරිමට භාරතයේ ප්‍රසිද්ද ගංගා වලට බැස ස්නානය කල යුතුය.එම ගංගා නම්
· ගයා
· බාහුමති
· පාලුකා
· සුනදරිකා